Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2024 15:48:48 Hours

14 පාබල සේනාංකය කොළඹ ප්‍රදේශයේ දිවි ගෙවන ආර්ථික දුෂ්කරතා සහිත අයවළුන්ට ආහාර බෙදා දෙයි

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අවම මට්ටමේ පහසුකම් යටතේ ජිවත්වන පුද්ගලයින් සඳහා 14 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු 19 වන දින ආහාර ඇසුරුම් 150 ක් බෙදා දෙන ලදී. 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී ගේ උපදෙස් අනුව මෙම වැඩසටහන දියත් කරන ලදී.

14 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරල් කේඒයූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පිඑස්සී අයිජි ගේ අධීක්ෂණය යටතේ ආහාර බෙදා හැරීම සිදු කෙරිණි.