Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2024 19:44:35 Hours

8 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව සිය 17 වන සංවත්සරය සමරයි

8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු‍වේ අණදෙන නිලධාරී මේජර් ඊ.ඩී.එස්.කේ දෙනියාය ගේ මගපෙන්වීම යටතේ එම ඒකකයේ 17 වන සංවත්සරය ආගමික සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 අගෝස්තු 15 වන දින සමරනු ලැබීය.

8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු‍වේ භට පිරිස් විසින් අණදෙන නිළධාරි වෙත සම්මාන මුර පිරිනමමින් අනතුරුව පැළයක් රෝපණය කිරීම සහ භට පිරිස් ඇමතීමෙන් සැමරුම් උත්සවය ආරම්භ විය. මෙම සැමරුම් උත්සවයට අන්තර් ඛණ්ඩ ක්‍රිකට් තරඟාවලියක් , බෝධි පූජා වැඩසටහනක් ද සමගින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ ක්‍රියාකාරකම් මාලාවක් ද ඇතුළත් විය.