Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2024 20:08:40 Hours

14 ගජබා රෙජිමේන්තුවෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

යාපනයේ කොන්ඩාවිල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 14 ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉදිකළ නව නිවස, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 අගෝස්තු 26 වන දින බෞද්ධ ආගමික ආශිර්වාද මධ්‍යයේ නිවාසලාභීන් වෙත භාරදෙන ලදී.

51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ 14 ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම නිවස ඉදිකරන ලදී. රාජ් කුමාර් මහතා සහ පිරිස විසින් මෙම ව්‍යාපෘතියට මූල්‍යමය අනුග්‍රහය දැක්වූහ.

මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් එක්ව සිටියහ.