28th August 2024 15:47:48 Hours
241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යුඑස්පී ගේ මඟපෙන්වීම යටතේ 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කල්මුණේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 25 වන දින පවත්වන ලදී.
වෙරළ තීරයේ මීටර් 500 ක පමණ ප්‍රදේශය දැඩි ලෙස දූෂණය වී ඇති අතර, ඉවතලන දවටන, ප්ලාස්ටික් බෝතල් සහ පොලිතින් ඉවත් කර එහි ස්වභාවික සුන්දරත්වය යථා තත්ත්වයට පත් කිරීම මෙහි අරමුණ විය.