Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2024 15:50:40 Hours

ශ්‍රි ලංකා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක 3 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩියු, පසුගිය අගෝස්තු 22 සහ 23 යන දිනවල 3 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.

බළඇණියේ වත්මන් මෙහෙයුම් සමාලෝචනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සේනාවිධායකතුමන් හට සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකල අතර, අනතුරුව පිදුරුතලාගල පිහිටි "A" කණ්ඩායමේ ඉදිකිරීම් භූමිය නිරීක්ෂණය කිරීමට එතුමන් සහභාගි වූයේය.

මෙම සංචාරයේදී භට පිරිස් ඇමතීමට එතුමන් කටයුතු කල අතර, එය අවසානයේ විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීමටද එතුමන් කටයුතු කළේය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසුනිලයන් ද සහභාගි වූහ.