2024-09-09 08:05:56
"ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි ආඥාපති අභියෝගතා ක්‍රිකට් කුසලානය - 2024" මෙවර මන්නාරම නගර සභා ක්‍රීඩා පිටියේදී පැවති අතර එයට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 07 දින සහභාගී විය. තවද, එම අවස්ථාවට මන්නාරම් ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය හා පෞද්ගලික අංශයන් හී ආයතන ප්‍රධානීන් රැසක්ද එක්ව සිටියහ.
2024-09-09 07:59:27
ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය 2024 ආරක්ෂක සේනා ආඥාපති වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ අම්බකාමම් ක්ෂේත්‍ර වෙඩි පිටියෙදි 2024 සැප්තැම්බර් මස 2 දින සාර්ථකව අවසන් කරන ලදී.
2024-09-08 20:35:23
16 වන යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී 2024 සැප්තැම්බර් මස 02 දින පනාගොඩ පිහිටි සිය කාර්යාලයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් භාරගන්නා ලදී.
2024-09-08 07:59:27
සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 සැප්තැම්බර් මස 03 දින ධූරයෙන් නික්මයන ලදී.
2024-09-06 18:41:19
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ 15 වන ශ්‍රී ලංකා හමුදා අරක්ෂක භට කණ්ඩායම විසින් භාවිතා කරනු ලබන මෙරට යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක භට ඛණ්ඩයේ උපකරණ පරීක්ෂාව (COE) 2024 අගෝස්තු මස 30 දින නාකියුරා ශ්‍රී ( Naquora, Sri ) කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වූහ.
2024-09-06 18:39:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා 75 වන සංවත්සර දිනයට සමගාමීව වෙනුවෙන් 56 පාබල සේනාංක මුලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 3 දින සංවිධානය කරන ලදී.
2024-09-06 18:37:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමඟාමීව තණමල්විල සිත් සෙවන විශේෂ අවශ්‍යතා සහිත ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2024 සැප්තැම්බර් මස 04 දින පවත්වන ලදී. භට පිරිස් විසින් සිදුකරනු ලැබු මෙම වැඩසටහන පිිළිබඳ එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය විසින් ප්‍රශංසාවට ලක් කරන ලදි.
2024-09-05 14:21:41
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යු.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පිඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 592 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජි.ජි.සී.එස්. ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සමීප අධීක්ෂණය 14(ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් තන්ඬුවාන්, නෙඩුන්කේනි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙන ලදී.
2024-09-05 14:17:30
මඩකලපුව සිවිල් පුරවැසි සභාව විසින් සංවිධානය කරන ලද සිංහල භාෂා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය 2024 අගෝස්තු මස 31 දින සන්දිවේලි නිතීස් ශාලාවේදී පැවැත් විය. සහතිකපත් ප්රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී වූයේය. එහිදී පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන් 350 දෙනෙකුට සිංහල භාෂාව පිළිබඳ ඩිප්ලෝමා සහතිකය පිරිනමන ලදී.
2024-09-05 14:16:30
12 පාබල සේනාංකයේ භට පිරිස් විසින් අම්බලන්තොට බෙරගම ප්‍රාදේශීය රෝහලේ වාට්ටු සංකීර්ණය, සනීපාරක්ෂක පද්ධතිය සහ හෙද විවේකාගාරය ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම නව බුදුමැදුරක් ඉදිකිරීමද සිදු කරන ලදී.