Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2024 18:39:17 Hours

56 පාබල සේනාංකයේ භට පිරිස් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 75 වන සංවත්සර දිනයට සමගාමීව වෙනුවෙන් 56 පාබල සේනාංක මුලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 3 දින සංවිධානය කරන ලදී.

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ගේ මඟපෙන්වීම යටතේ මෙම ලේ දන්දීමේ වැඩසටහන සිදු කරන ලදී. වවුනියාව මහ රෝහලේ ලේ බැංකුව වෙත ලේ ලාබාදීමේ අරමුණින් මෙය පැවැත්වුණ අතර, සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් 141 දෙනෙකුට අධික පිරිසක් මේ සඳහා සහභාගී වුහ.