08th September 2024 07:59:27 Hours
සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 සැප්තැම්බර් මස 03 දින ධූරයෙන් නික්මයන ලදී.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි බලකාධිපතිතුමන්ව එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව, භට පිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් පසුව එතුමන් එම රෙජිමේන්තු ස්මාරකය අභියසදී මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වීය.
පසුව සරඹ භූමිය වෙත සපැමිණි එතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කිරීමෙන් අනතුරුව, සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේය. අනතුරුව එදින සන්ධ්‍යාවේදී එම රෙජිමේන්තුවේ බලකාධිපති ධූරය හොබවා විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය අගයමින් එම රෙජිමේන්තුවේ සියලු නිලයන් විසින් සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට සන්නද්ධ බුද්ධි බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද සහභාගී වූහ.