Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2024 14:17:30 Hours

මඩකලපුවේදී පැවති සිංහල භාෂා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ අයවළුන්ට සහතිකපත් ප්‍රදානය කෙරේ

මඩකලපුව සිවිල් පුරවැසි සභාව විසින් සංවිධානය කරන ලද සිංහල භාෂා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2024 අගෝස්තු මස 31 දින සන්දිවේලි නිතීස් ශාලාවේදී පැවැත් විය. සහතිකපත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී වූයේය. එහිදී පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන් 350 දෙනෙකුට සිංහල භාෂාව පිළිබඳ ඩිප්ලෝමා සහතිකය පිරිනමන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා සිය දේශනයේදී සිවිල් ජනතාව අතර සංහිඳියාව ඇති කිරීම සඳහා භාෂාව හැසිරවීම වැදගත්කම අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් ඇතුළු පාඨමාලා ප්‍රධාන උපදේශක, එච්.එම්. අන්වර් මහතා, දෙමාපියන් සහ සිසුන් ද සහභාගී වූහ.