05th September 2024 14:21:41 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යු.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පිඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 592 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජි.ජි.සී.එස්. ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සමීප අධීක්ෂණය 14(ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් තන්ඬුවාන්, නෙඩුන්කේනි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට දිනයට සමගාමීව 14(ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් එච්.ඩී.එම්.ඒ.පී.කේ.දිසානායක අධීක්ෂණය යටතේ නිම කරන ලද නව නිවස ප්‍රතිලාභියාවෙත 2024 සැප්තැම්බර් මස 04 දින පවරා දෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රදේශවාසීන්ද සහභාගී වූහ.