08th September 2024 20:35:23 Hours
16 වන යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක ලෙස බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී 2024 සැප්තැම්බර් මස 02 දින පනාගොඩ පිහිටි සිය කාර්යාලයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් භාරගන්නා ලදී.
එදී, ක්‍රීඩා අධ්‍යක්‍ෂක තුමන් නව පත්වීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම පත්වීමට පෙර එතුමන් යුද්ධ හමුදා සුබසාධන අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි හොබවනු ලැබීය.
ධූරයේ රාජකාරි කටයුතු භාර ගැනීමෙන් අනතුරුව, එතුමන් ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අධ්‍යක්‍ෂක මණ්ඩලයේ රාජකාරී කටයුතු පිළිබඳ දැනුවත් කිරිමේ අවස්ථාවට සහභාගී විය. පසුව එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා සංවර්ධන ගම්මානයේ දේශන ශාලාවේ දී භට පිරිස් අමතමින් තම ධූරයේ වගකීම් සහ ඉදිරි දැක්ම විස්තර කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද සහභාගී වූහ.