2024-09-10 21:51:39
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ. පීරිස් ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අධීක්ෂණය යටතේ එම රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉබ්බන්කටුව ජලාශයේ බැම්ම පිරිසිදු කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 07 දින සංවිධානය කරන ලදී.
2024-09-10 21:47:52
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් ඩබ්ලිව්.එම්.වී.කේ දසනායක ජ්‍යෙෂ්ඨ නිලධාරිනී 2024 අගෝස්තු මස 24 දින පාඨලී පුත්‍ර විශ්ව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදෙමින් කථක් නර්තය පිළිබඳ හැකියාවන් ප්‍රදර්ශනය කරන ලදී. එතුමියගේ රංගනය තුලින් උසස් මට්ටමේ සම්ප්‍රදායික කථක් ශෛලය ඉස්මතු කළේය. මෙම ඉන්දීය සම්භාව්‍ය හා සම්ප්‍රදායික කථක් නර්ථන කලාව කථා ප්රකාශනය සහ සංකීර්ණ පාද චලනවලින් සමන්විත වූවකි.
2024-09-10 21:43:35
2024-09-10 21:40:40
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත, 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ 59 වන බලඇණි සංවත්සර දිනය එම ඒකකයේ අණදෙන නිළධාරී මේජර් එච්.පී.ඩී.සී. තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායන් සහ ආගමික වතාවත් මධ්‍යයේ 2024 සැප්තැම්බර් මස 01 දින සමරන ලදී.
2024-09-09 20:45:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව විසින් "ලෝක පොල් දිනය" වෙනුවෙන් පොල් පැළ සිටුවීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කල අතර ඒ අනුව ලෝක පොල් දිනය එම මූලස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 02 දින සමරනු ලැබීය.
2024-09-09 20:38:01
මාණ්ඩලික රාජකාරි අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ ලෙස රාජකාරි කරනු ලබන බ්‍රිගේඩියර් එන්.එච් මල්සිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි හමුදා යුද විද්‍යාලයෙන් උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ උසස් මට්ටමේ (Superior Graduate) උපාධිධාරීයකු වශයෙන් උපාධිය හිමිකර ගැනීමට සමත්වී ඇත. එය මීට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කිසිදු නිලධාරියෙකු ලබාගෙන නොමැති විශිෂ්ඨ ජයග්‍රහණයකි.කි.
2024-09-09 15:09:28
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස 2024 සැප්තැම්බර් මස 06 දින පල්ලෙකැලේ පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී ආගමික ආශිර්වාදයන්ද සමඟින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාර ගැනීම සිදුකරන ලදී.
2024-09-09 15:05:09
බලඇණි පුහුණු පාඨමාලාව 2024 හි සිව්වන අදියර 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයන් 231 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 ජූලි මස 22 දින ආරම්භකර 2024 සැප්තැම්බර් මස 6 දින සාර්ථකව අවසන් කරන ලදී.
2024-09-09 15:02:38
11 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් අම්පාර මඩවලලන්ද ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ සිදු කරන ලදී. 241 පාබල බලසේනාවේ ආඥාපතිගේ සහ 11 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් එච්.පී.සී. හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය යටතේ මෙම කාර්යය සිදුකරන ලදි.
2024-09-09 08:07:28
විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ආර්. එම්. එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත විශේෂ බලකා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ 2024 සැප්තැම්බර් මස 05 දින සංවිධානය කරන ලදී.