Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2024 21:40:40 Hours

3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ 59 වන බලඇණි සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත, 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ 59 වන බලඇණි සංවත්සර දිනය එම ඒකකයේ අණදෙන නිළධාරී මේජර් එච්.පී.ඩී.සී. තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායන් සහ ආගමික වතාවත් මධ්‍යයේ 2024 සැප්තැම්බර් මස 01 දින සමරන ලදී.

2024 අගෝස්තු 30 වැනි දින මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් මාතර බෝධියේදී බෝධි පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව, උදෑසන පවත්වන ලද දානමය පිංකම මාතර මිගදාය විහාරස්ථානයේ දී පැවැත්වීමෙන් සැමරුම් උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.

2024 සැප්තැම්බර් 01 දින අණදෙන නිලධාරි තුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, සියලු නිලයන් වෙනුවෙන් තේ පැන් සහ දිවා භෝජන සංග්‍රහයක් පැවැත් විය.

මෙම වැඩසටහන සඳහා එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.