Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2024 15:09:28 Hours

11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස 2024 සැප්තැම්බර් මස 06 දින පල්ලෙකැලේ පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී ආගමික ආශිර්වාදයන්ද සමඟින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාර ගැනීම සිදුකරන ලදී.

නව සේනාංකාධිපතිතුමන් පැමිණීමෙන් පසුව ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පිරිනැමිමෙන් අනතුරුව, 10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල බලඇණි සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කරන ලදී. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් නව ධූරයේ රාජකාරීන් භරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට සිය අත්සන තැබීය.

ඉන් අනතුරුව, නව සේනාධිපතිතුමන් බලසේනාධිපතිවරුන්, අණදෙන නිළධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූහ.