09th September 2024 20:45:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව විසින් "ලෝක පොල් දිනය" වෙනුවෙන් පොල් පැළ සිටුවීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කල අතර ඒ අනුව ලෝක පොල් දිනය එම මූලස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 02 දින සමරනු ලැබීය.
වැඩසටහන අතරතුර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එපී විඑස්වි යුඑස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සහ සියලු සාමාජිකයන් සමඟ එක්ව පොල් පැළ රෝපණය සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා මීරිගම ලෝලුවාගොඩ සිල්වරමිල් පදවම විසින් පොල් පැළ 500ක් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.