09th September 2024 20:38:01 Hours
මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කරනු ලබන බ්‍රිගේඩියර් එන්.එච් මල්සිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි හමුදා යුද විද්‍යාලයෙන් උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ උසස් මට්ටමේ (Superior Graduate) උපාධිධාරීයකු වශයෙන් උපාධිය හිමිකර ගැනීමට සමත්වී ඇත. එය මීට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කිසිදු නිලධාරියෙකු ලබාගෙන නොමැති විශිෂ්ඨ ජයග්‍රහණයකි.කි.
ඇමරිකා එක්සත් ජනපද හමුදා යුද විද්‍යාලයෙන් නේවාසික පාඨමාලාව 2024 හදාරන ලද ශිෂ්‍යයන් අතරින් ඉහල ප්‍රතිශතයකින් ලකුණු ලබාගත් ශිෂ්‍යයන් 30% ප්‍රතිශතයක අයවලුන් අතුරින් විශිෂ්ටතම උපාධිධාරියකු ලෙස සමත්වීම හේතුවෙන් බ්‍රිගේඩියර් එන්.එච් මල්සිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් සිය හෘදයාංගම සුභ පැතුම් පිරිනමන ලදී. මෙසේ ඉහල දක්ෂතාවය දැක්වීම එතුමන්ගේ සුවිශේෂී දක්ෂතාවයන් හා වෘත්තීය කැපවීම් මැනවින් විදහා දක්වන්නකි.
ඇමරිකා එක්සත් ජනපද යුද විද්‍යාලයේ සේනාවිධායකතුමන්ද බ්‍රිගේඩියර් එන්.එච් මල්සිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපායමාර්ගික හැකියාවන් තීක්ෂණ බුද්ධිය සහ නායකත්ව හැකියාවන් පිළිබඳව ප්‍රසාදය පළකරමින් සිය ප්‍රශංසාවන් පිරිනමා ඇති අතර, එතුමන්ගේ ශාස්ත්‍රීය භාවය විදහා දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිය ඉහල නැංවීමට එතුමන් කටයුතු සිදුකර ඇත.