09th September 2024 08:07:28 Hours
විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ආර්. එම්. එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත විශේෂ බලකා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ 2024 සැප්තැම්බර් මස 05 දින සංවිධානය කරන ලදී.
ඒ අනුව යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, මේජර් ජෙනරල් ආර්. එම්. එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ රෙජිමේන්තු ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ භට පිරිස් විසින් පිරිනමන ලදී.
ඉන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් එම අවස්ථාවට සපැමිණි නිලධාරීන් සහ සෙසු නිලයන් අමතමින් මව්බිම වෙනුවෙන් ඔවුන් ඉටුකල අනුපමේය මෙහෙවර සහ කැපවීම පිළිබදව සිය කෘතඥතාවය ඔවුන් වෙත පළ කළේය.
එම අවස්ථාවට සහභාගී වූවන් අතර සුහදත්වය වර්ධනය කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වුණි.
අනතුරුව, 1 විශේෂ බළකා රෙජිමේන්තු නිළධාරී නිවස්නයේදී එතුමන් වෙනුවෙන් පැවති සාම්ප්‍රදායික සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ද සහභාගී විය. අනතුරුව එතුමන්ගේ යුද්ධ හමුදා දිවය පුරාවටම ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් විශේෂ බලකායේ සියලු සාමාජිකයන්හට සිය කෘතඥතාව පළ කළේය.
මෙම අවස්ථාවට විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රශාදිනි රණසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, සහභාගී වූහ.