10th September 2024 21:47:52 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් ඩබ්ලිව්.එම්.වී.කේ දසනායක ජ්‍යෙෂ්ඨ නිලධාරිනී 2024 අගෝස්තු මස 24 දින පාඨලී පුත්‍ර විශ්ව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදෙමින් කථක් නර්තය පිළිබඳ හැකියාවන් ප්‍රදර්ශනය කරන ලදී. එතුමියගේ රංගනය තුලින් උසස් මට්ටමේ සම්ප්‍රදායික කථක් ශෛලය ඉස්මතු කළේය. මෙම ඉන්දීය සම්භාව්‍ය හා සම්ප්‍රදායික කථක් නර්ථන කලාව කථා ප්‍රකාශනය සහ සංකීර්ණ පාද චලනවලින් සමන්විත වූවකි.
ඉන් අනතුරුව, එතුමිය 2024 අගෝස්තු මස 25 සහ 26 දිනවල ඉන්දියාවේ ක්‍රිෂ්ණා විඥාන ජාත්‍යන්තර සංගමයේ පැට්නා ශාඛාව විසින් සංවිධානය කරන ලද ක්‍රිෂාන් ජන්මාෂ්ටමි සංස්කෘතික ප්‍රසංගයට සහභාගී වූහ.