Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2024 21:51:39 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ. පීරිස් ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉබ්බන්කටුව ජලාශයේ බැම්ම පිරිසිදු කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 07 දින සංවිධානය කරන ලදී.

මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් 15 දෙනෙකු සහ සෙසු නිලයන් 200 දෙනෙකු සහභාගී විය.

දඹුල්ල මහනගර සභාව, දඹුල්ල පොලිස් ස්ථානය, ඉබ්බන්කටුව මහවැලි කාර්යාලය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී - දඹුල්ල යන ස්ථානයන් හි නිලධාරීන් ද මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ උපරිම සහය සහ දායකත්වය ලබාදෙන ලදී.