2024-09-20 12:30:38
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාණ යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ අධීක්ෂණය මත එම සේනාංකය වෙතින් 2024 සැප්තැම්බර් මස 18 දින මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක් පැවැත්වීය.
2024-09-20 12:27:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 සංවත්සර දිනයට සමගාමීව 11 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්.කේ.එච්.ආර්. නානායක්කාර ආර්ඩබ්ලිව්පී එල්එස්සී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 16 දින වවුනියාව, කට්කුලම් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
2024-09-20 12:24:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.සී. කුමාරසිංහ ගේ මඟපෙන්වීම මත 2024 සැප්තැම්බර් මස 14 දින කල්ලඩි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-09-20 12:21:52
වැලිකන්ද, කඩවත්මඩුව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ නව චෛත්‍යයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 14 දින පැවති අතර එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.එ්. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මිය සහභාගි විය.
2024-09-19 19:56:03
22 පාබල සේනාංකයේ හිටපු සේනාංකාධිපති ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 14 දින එම රෙජිමේන්තු මූලස්ථානය වෙතින් සංවිධානය කරනු ලැබීය.
2024-09-19 19:48:08
මූල්‍ය කළමණාකරණ අධ්යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ 2024 සැප්තැම්බර් මස 03 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා ක්ෂේත්‍ර පාසල, 1 සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායන්හි නිල සංචාරයක නිරතවිය.
2024-09-19 19:04:54
සුභසාධක අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ඒ.බී. විජේකෝන් යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබීය.
2024-09-19 18:54:51
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ උපදෙස් හා 18 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඩී.ඒ.කේ. පලිහේන ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 07 දින මදුරකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය වටා ආරක්ෂිත කටු කම්බි වැටක් ඉදිකරන ලදී.
2024-09-19 18:50:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මූලිකත්වය සහ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙතින් 2024 සැප්තැම්බර් මස 08 දින පුණ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-09-19 18:45:12
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත කාලතුවක්කු පුහුණු පාසල වෙතින් 2024 අගෝස්තු මස 24 දින මින්නේරිය කාලතුවක්කු සංකීර්ණයේදී පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.