Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2024 18:45:12 Hours

කාලතුවක්කු පුහුණු පාසල සහ කොමර්ෂල් බැංකුව එක්ව පැළ රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත කාලතුවක්කු පුහුණු පාසල වෙතින් 2024 අගෝස්තු මස 24 දින මින්නේරිය කාලතුවක්කු සංකීර්ණයේදී පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය සහ කොමර්ෂල් බැංකුවේ 104 වන සංවත්සර දිනය නිමිත්තෙන් කොමර්ෂල් බැංකුවේ ණය අධීක්‍ෂණ සහ ප්‍රතිසාධන අංශයේ සහයෝගය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහනේ කොටසක් වශයෙන් කාලතුවක්කු සංකීර්ණයේ අඹ පැළ 50 ක් සහ පොල් පැළ 54 ක් රෝපණය කරනු ලැබිණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ කොමර්ෂල් බැංකුවේ නියෝජිතයින් පිරිසක් ද සහභාගි වූහ.