Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2024 12:27:33 Hours

11 ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 සංවත්සර දිනයට සමගාමීව 11 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්.කේ.එච්.ආර්. නානායක්කාර ආර්ඩබ්ලිව්පී එල්එස්සී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 16 දින වවුනියාව, කට්කුලම් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පිඑස්සී සහභාගී විය. නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා International Needs Lanka ආයතනයේ මූල්‍ය අනුග්‍රාහකත්වය හිමිවිය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ නිවාසලාභි පවුලේ සාමාජිකයන් පිරිසක් ද සහභාගි වූහ.