Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2024 18:50:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙතින් පුණ්‍ය වැඩසටහනක් දියත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මූලිකත්වය සහ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙතින් 2024 සැප්තැම්බර් මස 08 දින පුණ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම උත්සවයේදී, සංහිඳ පණ්ඩුකලාස අධ්‍යයන මධ්‍යස්ථානයේ (ළමා නිවාසයේ) නේවාසික ළමුන් 18 දෙනෙකු සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය. ඊට අමතරව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සාමාජිකයන් විසින් එම දරු දැරියන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ත්‍යාග පාර්සල් ප්‍රදානය කරනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ඇතුළු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.