20th September 2024 12:30:38 Hours
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාණ යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත එම සේනාංකය වෙතින් 2024 සැප්තැම්බර් මස 18 දින මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක් පැවැත්වීය.
මෙම දේශනය 52 පාබල සේනාංකයේ කර්නල් (සෙව්) සම්බන්ධීකරණ කර්නල් ආර්.එම්.එන්. රත්නායක කේඑස්පී විසින් පවත්වන ලදී. මෙම දේශනයේදී, විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය, හමුදා සාමාජිකයන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වන්නේ කෙසේද?, මත්ද්‍රව්‍ය භාවිතයේ හානිකර බලපෑම්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම වැළකීමේ උපායමාර්ග සහ මත්ද්‍රව්‍ය භාවිතය පවුල්වල සාමාජිකයන් කෙරෙහි සිදුකරන බලපෑම වැනි මාතෘකාවන් කෙරෙහි අවධානය යොමුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.