19th September 2024 19:04:54 Hours
සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ඒ.බී. විජේකෝන් යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබීය.
බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ඒ.බී. විජේකෝන් යූඑස්පී එන්ඩීසී ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.
මෙම ධූරයේ රාජකාරීන් භාරගැනීමට ප්‍රථම එතුමන් ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් ධූරයේ රාජකාරි සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.