Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2024 19:56:03 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ගෞරවාචාරය

22 පාබල සේනාංකයේ හිටපු සේනාංකාධිපති ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 14 දින එම රෙජිමේන්තු මූලස්ථානය වෙතින් සංවිධානය කරනු ලැබීය.

එම මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර එතුමන් දේශනයක් සිදුකරමින් සිය හමුදා දිවිය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු නිලධාරීන් සහ සෙසුනිලයන් වෙතින් ලද නොමසුරු සහයෝගය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාවය පුදකළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කීර්තිමත් සේවය පැසසුමට ලක්කරමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී විසින් එතුමන් වෙත “General's Jug” සමරු තිළිණය පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට සංජීවනී පීරිස් මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ඔවුන්ගේ භාර්යාවන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.