19th September 2024 19:48:08 Hours
මූල්‍ය කළමණාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ 2024 සැප්තැම්බර් මස 03 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා ක්ෂේත්‍ර පාසල, 1 සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායන්හි නිල සංචාරයක නිරතවිය.
එම කඳවුරු පරිශ්‍රයන්හිදී බලකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පිරිනැමීමෙන් අනතුරුව එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කළේය. ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් ඵලදායී උපදෙස් ලබාදීමේ වැදගත්කම, උපදේශකයින්ගේ ගුණාත්මකභාවය සහ කෘෂිකාර්මික කටයුතු පිළිබඳවත් අඛණ්ඩ පුහුණුව සහ සංවර්ධනයේ අවශ්‍යතාවය පිළිබඳවත් අවධාරණය කළේය.
ක්ෂේත්‍ර සංචාරයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා ක්ෂේත්‍ර පාසලේ සේනාවිධායකතුමන් විසින් එහි කාර්යභාරයන්, වගකීම්, පුහුණු වැඩසටහන් සහ පරිපාලන කටයුතු පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීම සිදුකිරීමෙන් අනතුරුව 1 සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායන්හි අණදෙන නිලධාරින් විසින් ද දැනුවත් කිරීම් සිදුකළහ.
ඉන් අනතුරුව, බලකාධිපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයන් සහ ක්ෂේත්‍ර පාසලේ ප්‍රධාන ප්‍රදේශයන් පරීක්ෂා කරනු ලැබීය. අනතුරුව, සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට සහ සියලු නිල තේ පැන් සංග්‍රහයකට එතුමන් සහභාගී විය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.