2024-10-14 16:35:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය භටපිරිස් අම්පාර දමන ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
2024-10-14 16:32:31
241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 11 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය මත භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් 06 දින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.
2024-10-14 15:01:45
ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 61 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බූස්ස එම සේනාංක මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 11 දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2024-10-14 14:58:35
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 23 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 ඔක්තෝම්බර් මස 09 දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-10-14 14:56:34
ලෝක ළමා දිනයට සමගාමීව 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2024 ඔක්තෝම්බර් මස 01 දින පණ්ඩිරිප්පු ‘Vision Hope’ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2024-10-14 10:00:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දින සැමරුමට සමගාමීව 8 සහ 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව, 10 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකාය සහ 11 බලඇණිය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ නව නිවාස හතරක් 2024 ඔක්තෝබර් මස 12 දින නිවාසලාභින් වෙත පවරාදෙනු ලැබීය.
2024-10-14 09:21:36
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 2 දින 562 පාබල බලසේනාව, 12 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 17 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.
2024-10-14 09:17:22
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 17 වන රෙජිමේන්තු අධිපති ලෙස ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව 2024 ඔක්තෝබර් මස 12 දින යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය සහ 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
2024-10-14 09:03:39
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ අදියරක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව චාවකච්චේරි බටහිර, නුනාවිල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 10 දින පැවති උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.
2024-10-13 19:04:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 33 වන නියෝජ්‍ය සේනාවිධායක ලෙස කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කළ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් භාරදීමෙන් අනතුරුව 2024 ඔක්තෝබර් මස 8 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් දිවියෙන් විශ්‍රාම ලැබීය. ඒ වෙනුවෙන් එතුමන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙතින් ගෞරවාචාර පුදකරමින් උත්සවයක් පැවැත්වීය.