14th October 2024 10:00:05 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දින සැමරුමට සමගාමීව 8 සහ 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව, 10 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකාය සහ 11 බලඇණිය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ නව නිවාස හතරක් 2024 ඔක්තෝබර් මස 12 දින නිවාසලාභින් වෙත පවරාදෙනු ලැබීය.
ඒ අනුව, 8 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් මුරුන්කන්, ජීවනගර් ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත සෙබළෙකු වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සෙ/100613 ලාන්ස් කෝප්‍රල් ඒ. ජෙරම් වෙනුවෙන් නව නිවසක් ඉදිකරනු ලැබීය.
එමෙන්ම, 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් මන්නාරම, පන්නංකඩ්ඩුකොඩ්ඩු බටහිර ප්‍රදේශයේ වෙසෙන තවත් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
මන්නාරම, වට්ටකන්දල්, කුරුයිල් ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා 10 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වය හා තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.
මීට අමතරව, 11 බලඇණිය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් සෙල්වාරි, කඩ්ඩුකරන්කුඩිරිප්පු නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත මෙම නිවාස ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කෙරිණි.
542 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.ඊ.එම්. චන්ද්‍රසේකර ආර්ඩබ්ලිව්පී පීඑස්සී සහ 8 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.එච්.ආර්.ජී. ද සිල්වා ආර්එස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ සියලු සාමාජිකයන්ගේ දායකත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය සිදුකරනු ලැබීය.
එමෙන්ම, 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය මත ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ජී.ජී.එස්. බණ්ඩාර ගේ නායකත්වයෙන් 10 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් තවත් නව නිවසක ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කරන ලදී.
543 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි. නානායක්කාර ආර්එස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සී.එස්.කේ. ලියනගේ පීඑස්සී සහ 11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බී.එම්.ආර්. ෆර්ඩිනෑන්ඩර්සන් පීඑස්සී අයිජී ගේ නායකත්වයෙන් එම ඒකකයන්හි භටපිරිස් තවත් නව නිවාස ව්‍යාපෘතීන් දෙකක් සාර්ථකව අවසන් කරනු ලැබීය.