Header

Sri Lanka Army

Defender of the Nation

13th October 2024 19:04:28 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 33 වන නියෝජ්‍ය සේනාවිධායක ලෙස කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කළ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් භාරදීමෙන් අනතුරුව 2024 ඔක්තෝබර් මස 8 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් දිවියෙන් විශ්‍රාම ලැබීය. ඒ වෙනුවෙන් එතුමන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙතින් ගෞරවාචාර පුදකරමින් උත්සවයක් පැවැත්වීය.

එම මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ ස්වේච්ඡා බලසේනා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරීතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.

ඉන් අනතුරුව, විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ එක්ව දිවංගත කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්වී ගේ ස්මාරකය වෙත ගොස් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළහ.

පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ පුහුණු පරීක්‍ෂක බ්‍රිගේඩියර් ජේ.එම්.ටී.එන්.බී. කරුණාතිලක විසින් එතුමන් එම මූලස්ථාන සරඹ භූමියේ පිහිටි විශේෂ පීඨිකාව වෙත කැටුව යනු ලැබූ අතර එහිදී එතුමන් වෙත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් දේශප්‍රේමී ගීත නාදයන් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.

අනතුරුව, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී ගේ සුරතින් සමරු සිහිවටනයක් ලෙස එතුමන්ගේ කාර්යාලයේ සිය ඡායාරූපයක් නිරාවරණය කරනු ලැබීය. Rendezvous Pavilion හිදී භටපිරිස් ආමන්ත්‍රණය කළ නියෝජ්‍ය සේනාවිධායකතුමන් තම සේවා කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව සතු අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ කාර්ය මණ්ඩලය වෙතින් ලද සහයෝගය සහ කැපවීම පිළිබඳව එතුමන්ගේ කෘතඥතාවය පුදකළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී එම මූලස්ථාන කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකට පෙනීසිටියේය.

එතුමන් විසින් ඉටු කරන ලද සේවය අගයකරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් එම මූලස්ථාන ප්‍රධාන මාර්ගය දෙපස සිට සම්ප්‍රදායික ආචාරය මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී වෙත පුදකරනු ලැබූහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී ගේ වසර 36 ක විශිෂ්ඨ සේවය ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරී නිවස්නයේදී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය.