Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2024 14:58:35 Hours

23 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 23 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 ඔක්තෝම්බර් මස 09 දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන යටතේ කොස්, දෙහි, බෙලි, දිවුල් සහ කරඳ ඇතුළු පැළ 600 කට අධික ප්‍රමාණයක් රෝපණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.