Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2024 15:01:45 Hours

61 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 61 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බූස්ස එම සේනාංක මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 11 දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය. ආගමික වතාවත්වලින් පසුව නව ධූරය භාරගැනීම සනිටුහන් කරමින් සිය කාර්යාලයේදී නිල ලේඛනයකට අත්සන් තැබීය.

සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටීමෙන් අනතුරුව, එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපනය කර සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය. පසුව හමුදා සම්ප්‍රදායානුකූල භටපිරිස් ආමන්ත්‍රණය කරමින් තම ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.