14th October 2024 09:21:36 Hours
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 2 දින 562 පාබල බලසේනාව, 12 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 17 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.
12 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ප්‍රධාන දොරටුව අභියසදී 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞවරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරී, නිලධාරීන් සහ සියලුම භටපිරිස් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. 562 පාබල බලසේනාව වෙත යාමට ප්‍රථම එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 17 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත යාමට ප්‍රථම බලසේනා මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
17 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය වෙත එම ඒකකයේ අණදෙන නිලධාරී, නිලධාරීන් සහ සියළුම භටපිරිස් විසින් සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. එතුමන් සුහඳ පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
මෙම අවස්ථාවට 562 පාබල බලසේනාවේ බලසේනාධිපති, කර්නල් ප්‍රධාන මාණ්ඩලික සහ අණදෙන නිලධාරීන් ද සහභාගී වූහ.