Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2024 14:56:34 Hours

18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ලෝක ළමා දිනයට සමගාමීව 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2024 ඔක්තෝම්බර් මස 01 දින පණ්ඩිරිප්පු ‘Vision Hope’ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී සහ 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.එච්.ආර්. සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම එම ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ නේවාසික ළමුන් සහ කාර්ය මණ්ඩලය වෙත පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි. ඉන් අනතුරුව, ඔවුන් වෙත දිවා භොජන සංග්‍රහයක් ද පිරිනැමිණි. මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.