14th October 2024 09:17:22 Hours
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 17 වන රෙජිමේන්තු අධිපති ලෙස ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව 2024 ඔක්තෝබර් මස 12 දින යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය සහ 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
සංචාරයේ නිරත රෙජිමේන්තු අධිපතිතුමන් යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ වැඩබලන සේනාවිධායක ලුතිනන් කර්නල් ඩී.එන්.එස්. පෙරේරා පීඑස්සී සහ 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් පී.වී.ආර්.පී. කුමාර ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් ද පුදකළහ.
මෙම සංචාරයේදී, යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය සහ 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ආමන්ත්‍රණය කළ රෙජිමේන්තු අධිපතිතුමන් යාන්ත්‍රික සෙබළෙකු සතු කාර්යභාරය සබැඳිව දැනුවත් කළේය.
ඉන් අනතුරුව, එම කඳවුරුවල සංචාරයක නිරත වූ රෙජිමේන්තු අධිපතිතුමන් මෙහෙයුම් සහ පරිපාලන කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කළේය.
මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් රෙජිමේන්තු අධිපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයන්හි පැළයක් රෝපණය කළේය.
මෙම සංචාරය සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් සමඟින් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ. පීරිස් ආර්එස්පී, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.ඒ.ඒ.එන්.සී. ප්‍රභාත් ආර්එස්පී යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.