2024-10-29 14:17:53
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ බ්‍රිගේඩියර් පී. විතානගේ ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදන ආයතනයක් වන FERENTINO Tyre Corporation පුද්ගලික සමාගම වෙතින් යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් 2024 ඔක්තෝබර් මස 25 දින එක්දින අධ්‍යාපනික වැඩමුළුවක් පවත්වනු ලැබීය. මෙම වැඩමුළුවේදී, එම කර්මාන්තශාලාවේ සංචාරයක් සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සාමාජිකයන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරනු ලැබූ තාක්ෂණික සැසියක් ද පැවැත්විණි.
2024-10-29 14:17:07
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 143 වන සංවත්සරය 2024 ඔක්තෝබර් මස 23 දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් සැමරුම් උත්සව මාලාවක් පවත්වනු ලැබීය.
2024-10-28 15:45:14
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2024 ඔක්තෝබර් මස 24 දින 572 පාබල බලසේනාවේ නිල සංචාරයක් සිදු කරන ලදී.
2024-10-28 15:44:10
ඉන්දියානු නර්තන ශිල්පිනියක් වන මෞමිතා පාල් මහත්මිය විසින් පවත්වන ලද ඉන්දියානු නර්තන වැඩමුළුවක් යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේදී 2024 ඔක්තෝබර් මස 25 දින පැවැත්වූ අතර, ඒ සඳහා එම අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයන් 90 දෙනෙකු සහභාගී වූහ.
2024-10-28 15:43:58
75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් යටියන ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
2024-10-28 14:45:01
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 20 සහ 21 යන දිනයන්හිදී 572 පාබල බලසේනාවේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක් සිදු කරන ලදී.
2024-10-28 13:40:25
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී, 2024 ඔක්තෝබර් මස 20 දින කුරුණෑගල 583 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත විය.
2024-10-28 13:40:09
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ CPR (හෘද පෙණහලු පුනර්ජිවනය) පිළිබඳ දේශනයක් 2024 ඔක්තෝබර් මස 23 දින 21 පාබල සේනාංක මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.
2024-10-28 13:38:52
යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි වෛද්‍ය අංශය, යුද්ධ හමුදා මුලික රෝහල - පලාලි එක්ව අක්ෂි රෝගීන්ගේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 14 දින සිට 25 දින දක්වා යාපනය ශික්ෂණ රෝහලේදී පවත්වන ලදී. මෙම සමාජ සත්කාරක වැඩසටහනේදී වෛද්‍ය එම්. මලරාවන් සහ උපදේශක අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ මගපෙන්වීම යටතේ උතුරු පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අක්ෂි රෝගීන් වෙනුවෙන් නොමිලේ, උසස් තත්ත්වයේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 2,000 කට අධික ප්‍රමාණයක් සිදුකරන ලදී.
2024-10-27 15:57:56
ජාතියේ භෞමික අඛණ්ඩතාව නිර්භීතව ආරක්ෂා කළ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 51,000ක් පමණ මේ වන විට ආබාධිතව තම ජිවිතය ගතකරයි. ශ්‍රී ලංකාව තුල ජීවත්වන මෙම ප්‍රවීණයන් බොහෝ විට රජයේ ආයතනයන් වෙත පැමිණෙන විට වාහන නැවැත්වීම සහ එම ස්ථායන්වෙත ප්රවේශවීමේ දී දුෂ්කරතාවයන්හට මුහුණ දීමට සිදුවනු ලබයි.