Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2024 14:45:01 Hours

61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 572 පාබල බලසේනාවේ නිල සංචාරයක

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 20 සහ 21 යන දිනයන්හිදී 572 පාබල බලසේනාවේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක් සිදු කරන ලදී.

බඹරගස්තැන්න ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත 572 පාබල බලසේනා මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කළ එතුමන්, අනතුරුව එම පාබල බලසේනා පරිශ්‍රය වෙත පැමිණි අතර, එහිදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිණමන ලදී.

අනතුරුව, 572 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එම බලසේනාවේ රාජකාරි ස්වභාවය පිළිබඳව දැනුවත් කරන ලදී. පසුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වී කූරගල පුරාණ බෞද්ධ ආරාමය වැදපුදා ගැනීමට පිටත්ව ගියහ.

ඉන් පසුව, එතුමන් කුරුවිට, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 572 පාබල බලසේනාවේ සහ 8 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී. අනතුරුව, එතුමන් ආපදා සහන සේවා කටයුතු සඳහා මෙම ඒකකයේ සූදානම සහ එයට අදාල උපකරණ පරීක්‍ෂා කළේය.

2024 ඔක්තෝබර් මස 21 දින සේනාංකාධිපතිතුමන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොල - උඩවලව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පාසල - තුන්කම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා වෘත්තීය පුහුණු පාසල - කුට්ටිගල වෙත ද සංචාරය කරන ලදී. සංචාරය අතරතුර එතුමන් ඇඹිලිපිටිය ජනාධිපති මන්දිරයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.