29th October 2024 14:17:53 Hours
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී. විතානගේ ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදන ආයතනයක් වන FERENTINO Tyre Corporation පුද්ගලික සමාගම වෙතින් යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් 2024 ඔක්තෝබර් මස 25 දින එක්දින අධ්‍යාපනික වැඩමුළුවක් පවත්වනු ලැබීය. මෙම වැඩමුළුවේදී, එම කර්මාන්තශාලාවේ සංචාරයක් සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සාමාජිකයන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරනු ලැබූ තාක්‍ෂණික සැසියක් ද පැවැත්විණි.
මෙම වැඩමුළුවේදී, ටයර් පිරිවිතර පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලබාදුන් අතර විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු නිලධාරීන්ට අත්‍යවශ්‍ය අවබෝධයක් ලබාදෙමින් ටයර් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ ආදර්ශන ද ඉදිරිපත් කරන ලදී. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා නිලධාරීන් 25 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ලබාදුන් වටිනා දැනුම් සම්භාරය වෙනුවෙන් ඔවුන් එම සමාගමේ නිලධාරීන් වෙත සිය කෘතඥතාවය පුදකළහ.