28th October 2024 13:40:09 Hours
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ CPR (හෘද පෙණහලු පුනර්ජිවනය) පිළිබඳ දේශනයක් 2024 ඔක්තෝබර් මස 23 දින 21 පාබල සේනාංක මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.
මෙම දේශනයේ ප්‍රධාන අවධානය යොමු වූයේ හදිසි හෘදයාබාධයක් අතරතුර දී හෘද ස්පන්දනය නතර වූ විට ජීවිතාරක්ෂක ක්‍රියා පිළිවෙත පිළිබඳව හමුදා නිලධාරීන් දැනුවත් කිරීමයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය විශාකා කර්නර් (MMBS MD FRCA MRes) සහ වෛද්‍ය ලෙවන් කාරියවසම්(MBBS, MD) යන වෛද්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය කණ්ඩායමක් විසින් පවත්වන ලදී.
මෙම දේශණය සදහා 21 පාබල සේනාංකයේ සහ 212 පාබල බළසේනාවේ රාජකාරි නියුතු නිලධාරීන් 20 ක් සහ සෙබළුන් 150 ක් සහභාගී වූහ.