Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2024 13:40:25 Hours

58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 583 පාබල බලසේනාවේ සංචාරයක

58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී, 2024 ඔක්තෝබර් මස 20 දින කුරුණෑගල 583 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත විය.

583 පාබල බලසේනා කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන්ව එම බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිණමන ලදී.

අනතුරුව, සේනාංකාධිපතිතුමන් වෙත මෙම බලසේනාවේ රාජකාරි ස්වභාවය පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කරනු ලැබීය. පසුව, එතුමන් විසින් භටපිරිස් අමතා කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී. සංචාරය අවසන් කරමින්, සේනාංකාධිපතිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.