29th October 2024 14:17:07 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 143 වන සංවත්සරය 2024 ඔක්තෝබර් මස 23 දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් සැමරුම් උත්සව මාලාවක් පවත්වනු ලැබීය.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති -මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය හා අනතුරුව, එම රෙජිමේන්තු සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිණමන ලදී. පසුව එතුමන් සියලු නිල තේපැන් සංග්‍රහය සඳහා සහභාගී වීමෙන් අනතුරුව, සමූහ ඡායාරූප කහිපයක් සඳහාද පෙනී සිටින ලදී. ඉන් පසු සියළු භටපිරිස් ආමන්ත්‍රණය කල එතුමන් අනතුරුව, සියළු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා සහභාගී විය.
පසුව, එතුමන් පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත ‘අබිමන්මුදුනත’ රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ රණ විරුවන්ට ගෞරවාචාරය පිරිණමන ලදී. අනතුරුව, සැමරුම් උත්සවය නිමිත්තෙන් සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා මහා සංඝරත්නය උදෙසා හීල් දානයක් ද පිරිනමන ලදී.
මෙම සංවත්සර උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදාවේ හිටපු හමුදාධිපතිවරුන්, හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.