Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2024 13:38:52 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් උතුරු පළාත් අක්‍ෂි රෝගීන් සඳහා නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

යාපනය ශික්‍ෂණ රෝහලේ අක්‍ෂි වෛද්‍ය අංශය, යුද්ධ හමුදා මුලික රෝහල - පලාලි එක්ව අක්‍ෂි රෝගීන්ගේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 14 දින සිට 25 දින දක්වා යාපනය ශික්‍ෂණ රෝහලේදී පවත්වන ලදී. මෙම සමාජ සත්කාරක වැඩසටහනේදී වෛද්‍ය එම්. මලරාවන් සහ උපදේශක අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ මගපෙන්වීම යටතේ උතුරු පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අක්‍ෂි රෝගීන් වෙනුවෙන් නොමිලේ, උසස් තත්ත්වයේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 2,000 කට අධික ප්‍රමාණයක් සිදුකරන ලදී.

වැඩසටහනේ සමාප්ති දින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, යාපනය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂතුමන්, යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂතුමන් ඇතුළු සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.