27th October 2024 15:57:56 Hours
ජාතියේ භෞමික අඛණ්ඩතාව නිර්භීතව ආරක්‍ෂා කළ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 51,000ක් පමණ මේ වන විට ආබාධිතව තම ජිවිතය ගතකරයි. ශ්‍රී ලංකාව තුල ජීවත්වන මෙම ප්‍රවීණයන් බොහෝ විට රජයේ ආයතනයන් වෙත පැමිණෙන විට වාහන නැවැත්වීම සහ එම ස්ථායන්වෙත ප්‍රවේශවීමේ දී දුෂ්කරතාවයන්හට මුහුණ දීමට සිදුවනු ලබයි.
එම අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා රණවිරු සේවා අධිකාරිය මගින් ආබාධිත රණවිරුවන්ට මෙන්ම මියගිය සහ අතුරුදන් වූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ට විශේෂ වාහන ස්ටිකරයක් නිකුත් කරනු ලබයි. මෙම ස්ටිකරය ප්‍රදර්ශනය කරන වාහනයක් ඔබ දුටුවහොත්, කරුණාකර ඔවුන්ගේ පරිත්‍යාගය සහ ආබාධිත තත්ත්වය පිළිගනිමින් කාරුණිකව ඔවුන්ට ප්‍රමුඛත්වය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.