2021-07-13 18:54:52
‘වාරි සෞභාග්‍ය’ වාරිමාර්ග සංවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් කුරුණෑගල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයේ පිහිටා ඇති විරකැටිය වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.
2021-07-13 18:50:51
ගුවන් සංක්‍රමික පාඨමාලා අංක - 23 යටතේ රැහැන් ආධාරයෙන් සංග්‍රාමික භූමියට ගොඩබැසීමේ පුහුණු අභ්‍යාසය පසුගිය ජූලි මස 7 සහ 9 දිනයන්හිදී හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේමෙම පුහුණු අභ්‍යාසය නිරික්ෂණය කිරීම සඳහා මෙම අවස්ථාවට එක් වූයේය.
2021-07-13 18:22:34
23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්නය ආරක්ෂක සේනා අඥාපති - මුලතිව් සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ සුරතින් ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින විවෘත කරන ලදී.
2021-07-13 18:19:19
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කල නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න සිය ධුරයෙන් නික්මයාමේ උත්සවය පසුගියදා එම සේනාංක මුලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව පැවැත්විණි.
2021-07-13 18:14:19
2021-07-11 18:19:48
කොළඹ විශාඛා විද්‍යාලයේ 2021 අපොස උසස්පෙල කණ්ඩායමේ ආදි ශිෂ්‍යාවන් ඉකුත් බ්‍රහස්පතින්දා (8) දින රුපියල් 275,000 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් කොළඹ යුද්ධ හමුදා රෝහලේ...
2021-07-11 18:16:37
51 වන සේනාංකයේ බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 17 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් පොලිසිය සමඟ එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින කයිට්ස්, ඇල්ලයිපිඩ්ඩි ප්‍රදේශයේදී කේරළ ගංජා...
2021-07-11 18:13:02
එක්සත් ජනපද ටෙක්සාස් රිලේස් මලළ ක්‍රීඩා ශූරතාවලියේදී උසපැනීමේ ඉසව්වේ මීටර් 2.30 ක වාර්තා කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලළ ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා විසින් උස පැනීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය.
2021-07-11 18:10:27
අද (13) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,568 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 80 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.
2021-07-11 18:08:27
ආරක්ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ජූලි මස 05 වන දින 573 වන බලසේනා මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත බළඇණිවල සංචාරයක නිරත වූයේය.