13th July 2021 18:19:19 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කල නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න සිය ධුරයෙන් නික්මයාමේ උත්සවය පසුගියදා එම සේනාංක මුලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව පැවැත්විණි.
සේනාංක මුලස්ථානය වෙත සපැමිණි සිය ධුරයෙන් නික්මයන සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමුවේය. පසුව, රාජකාරි භාරදීමේ ලේඛණයට අත්සන් තැබු මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න වෙත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය සුබපැතුම් එක් කළේය. ඉන් අනතුරුව, සියලුනිලයින් ඇමතූ මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න ධුරකාලය තුලරාජකාරි ඉටුකිරීමේදී සියලුදෙනා ලබාදුන් සහයෝගය පිළිබඳ සියලුදෙනාට ස්තූතිය පුදකරමින් නව සේනාංකාධිපති වෙතද රාජකාරි ඉටුකිරීමේදී සහයෝගය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.
සිය ධුරයෙන් නික්ම යන සේනාංකාධිපති සිදුකරනු ලැබු සේවයට කෘතඥතාවය පුදකරමින් සියලුනිලයින් විසින් සමරු තිළිණයක් ද මෙහිදි ප්‍රදානය කරන ලදී. මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න සේනාංක මුලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යන අවස්ථාවේ සියලුදෙනා මාර්ගය දෙපස පෙලගැසි සිය සුභාශිංසන පුදකළහ.
සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැති මෙම උත්සවය සඳහා සේනාංක මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති, අණදෙන නිලධාරීවරුන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව සිටියහ.