13th July 2021 18:14:19 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ 2021 ජුලි මස 07 දින ඓතිහාසික වැදගත්කමක් සහිත ගාලු කොටුවේ ස්ථාපිත 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ සංචාරයක නිරත විය.
එහිදී, 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි මේජර් එස්.ඒ අබේසේකර විසින් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුද කළේය. පසුව, වසර පන්සියයකට අධික ඉතිහාසයකට උරුම කම් කියන මෙම කඳවුරු පරිශ්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳ මෙහිදි සේනාවිධායකතුමන් නිරීක්‍ෂණය කරන ලදී.
දකුණුලක අගනගරයේ, මෙම බලකොටුව පෘතුගීසීන් විසින් ඉදිකරන ලද අතර, එය ලන්දේසීන් විසින් සමුද්‍රීය පරිපාලනයේ විශිෂ්ට හා ආරක්‍ෂිත ප්‍රදේශයක් බවට පසුව පරිවර්තනය කරන ලදී. ඉතිහාසයේ සඳහන් පරිදි වර්ෂ 1883 දී බ්‍රිතාන්‍ය රාජකීය පාබල හමුදාවේ ස්වේච්ඡා අනුකණ්ඩයක් ගාලු කොටුවේ ස්ථානගත කර තිබු බවත් පසුව එහි 13 වන ලංකා පාබල රෙජිමේන්තුව රාජකාරින් සඳහා යොදවා ඇත. පසුකාලීනව 2 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණිය ගල්ලේදී පිහිටුවා ගාලු කොටුවේ රාජකාරි සඳහා යොදවා ඇති අතර වර්තමානයේ 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණිය එම පරිශ්‍රයේ රාජකාරී සිදුකරයි.
මෙම සංචාරය සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කළ මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණිය, 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම බලකායේ අණදෙන නිලධාරින් සමග දකුණු ප්‍රදේශයේ පිහිටි පශු සම්පත් සංවර්ධනය කිරීම, ඒකකවල වර්තමාන කාර්යභාරය සහ සිදුකළ යුතු ඉදිරි වැඩපිළිවෙල පිළිබද සාකච්ඡා කළේය.
නිලධාරීන් සහ සෙසුනිලයන් සමග තේපැන් සංග්‍රහයකට සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, තමන් වෙත මෙම සංචාරයේදී දැක්වූ ගෞරවාචාරයන් සහ සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය ස්තූතිය පුද කළේය. අවසන් වශයෙන් මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු සටහන් පොතේ සටහනක් තැබු මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ කඳවුරෙන් නික්ම ගියහ.
සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැති මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ, ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ පුහුණු උපදේශක බ්‍රිගේඩියර් එස්.එන් සමරවික්‍රම ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.