Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2021 18:16:37 Hours

51 වන සේනාංකයේ භටපිරිස් කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගනී

51 වන සේනාංකයේ බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 17 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් පොලිසිය සමඟ එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින කයිට්ස්, ඇල්ලයිපිඩ්ඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.5 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සමඟ ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදුන්නේය.