Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2021 18:22:34 Hours

23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකළ නිලධාරි නිවස්නය විවෘත කරයි

23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්නය ආරක්‍ෂක සේනා අඥාපති - මුලතිව් සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ සුරතින් ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.බී.එස් අතුකෝරලගේ ආරාධනයකට අනුව මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සහභාගී වූහ.

මුලතිව් පිහිටි 23 වන විජබාහු පාබල රෙජිමේන්තුවේ නව නිලධාරි නිවස්නයේ සමරුඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් සිසිර පිලපිටිය භටපිරිස් ඇමතීය. මෙම අවස්ථාව සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපුල් වීරකෝන්, 541 සහ 642 වන බලසේනාවන්වල බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.