Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2021 18:13:02 Hours

එක්සත් ජනපදයේ පුහුණුව ලබන මලළ ක්‍රීඩක උෂාන් තිවංකට යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් තවත් මුල්‍යමය දිරිගැන්වීමක්

එක්සත් ජනපද ටෙක්සාස් රිලේස් මලළ ක්‍රීඩා ශූරතාවලියේදී උසපැනීමේ ඉසව්වේ මීටර් 2.30 ක වාර්තා කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලළ ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා විසින් උස පැනීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය.

උෂාන් තිවංක පෙරේරා මේ වනවිට එක්සත් ජනපදයේ පුහුණු කටයුතුවල නිරතව සිටියි.

මෙම ක්‍රීඩකයා සතු දක්‍ෂතා පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් උෂාන් තිවංක පෙරේරා ගේ වැඩිදුර පුහුණුවීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය දිරිගැන්වීම් ලබාදුන්නේය.

උෂාන් තිවංක පෙරේරා ගේ වැඩිදුර පුහුණුවීම් කටයුතු සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා තවත් මූල්‍ය දිරිගැන්වීමක් ලබාදුන්නේය.