Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2021 18:19:48 Hours

කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 රෝගීන් සඳහා විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්ගෙන් වෛද්‍ය උපකරණ

කොළඹ විශාඛා විද්‍යාලයේ 2021 අපොස උසස්පෙල කණ්ඩායමේ ආදි ශිෂ්‍යාවන් ඉකුත් බ්‍රහස්පතින්දා (8) දින රුපියල් 275,000 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ්-19 ඒකකයට පරිත්‍යාග කරන ලදී.

පරිත්‍යාගශිලීන් නියෝජනය කරමින් වෛද්‍ය නිමන්ගී මිත්‍රරත්න විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලේදී යුද්ධ හමුදා රෝහලේ විකිරණවේදී විශේෂඥ නිර්වින්දන වෛද්‍ය කර්නල් චම්පිකා අබේසිංහ වෙත එම පරිත්‍යාගය භාරදුන්නේය. මෙම අවස්ථාව සඳහා අක්බාර් ෆාමසියුටිකල්ස් (Akbar Pharmaceuticals) නිෂ්පාදන කළමනාකරු එම්.එස්.එම් මෂූම් මහතා ද සහභාගී විය.